Wednesday, December 10, 2014

මර්වින් සිල්වා එනවා කියලා හුරේ දාන්න එපා !

ගත වෙච්ච කාලයේ මර්වින් සිල්වා කියන ලිහා දැම්ම පිස්සු බල්ලාගේ වැඩ නිසා පිළිකුලට පත් වෙලා හිටිය සමහර (පර්සි)-මහින්ද විරෝධීන් ඔහු පොදු විපක්ෂයට පනින්න යන්න හදන බව ආරංචි වුන ගමන් තක්බීර් වෙලා-කටවල් ගොළුවෙලා-තුෂ්ණිම්භූතව-ලැජ්ජාවෙන් වගේ ඇඹරෙමින් ඉන්න බව පේනව. පවතින දේශපාලන ක්‍රමය අස්සේ පිළ් මාරුවීම් වලින් පැහැදිලි බලපෑමක් වෙනබව පේන්නම තියෙද්දි මේවගේ දෙයක් යම් කෙනෙක්ට තෝරා බේරා ගන්න බැරි නම් ඒ කෙනා ප්‍රායෝගික ලාංකීය දේශපාලනය තුළ අසාර්ථක චරිතයක්.

මොකක් හරි ඉලක්කයක් ජයගන්න නම්, යම් බලපෑමක් ඇති කරන්න නම්, යම් ක්‍රමයක් උඩුයටිකුරු කරන්න නම් පවතින වාතාවරණය තේරුම් අරන් ඒ තුළ බලය අල්ලා ගැනීම සහ ස්ථාවර වීම අතිශය වැදගත්. එහෙම කරන්න යන ගමනේ අවශ්‍ය දේ කරන්නත්, අතේ මඩ ගාගන්නත් සූදානම් නැත්තන් වෙන්නේ පටන්ගත්ත තැනින්ම ගමන ඉවරකරන්නයි. කථාවට කියනවා වගේ කුකුල් බෙට්ටෙනුත් ප්‍රයෝජනයක් තියෙනවා නම් අවශ්‍ය දේ කරන්න ඒකෙන් ප්‍රයෝජනය ගන්න ඕන. ක්‍රමය වෙනස් කරන්න කලින් ක්‍රමය තුළ ස්ථාවර විය යුතුයි. මර්වින් සිල්වා වගේ පිස්සු බල්ලෙක් බැලන්ස් කරන්නවත් බැයි නම් මෛත්‍රී පාලනයට ඔය කරනවා කියල කියන දේවල් කරනවා තියා හිතන්නවත් හම්බෙන්නේ නෑ. ඇතිකරන්න යන වෙනස උදෙසා යන ගමනේ උස මිටි කම්, කළු සුදු කම් බලනවට වඩා වැදගත් මොකක්ද කියන එක තේරුම් ගන්න එක ඉතාම වැදගත්.

ගෘහ මූලිකයා බුද්ධිමත් නම් පිස්සුබල්ලෙක් බඳිනවා කියන්නේ ලේසියෙන් විසඳන්න පුලුවන් ප්‍රශ්නයක්. දම්වැල් කඩාගත්ත පිස්සුබල්ලන්ට බයවෙලා 'ලොකු පින්තූරය' මඟහරවගන්නේ නැතුව අවසාන ඉලක්කය ලඟා කරගන්න කරන්න ඕන දේ කොන්ද පණ ඇතුව කරන්නත්, ඒ කරන්න වෙන දේවල් ප්‍රායෝගිකව දරා ගන්න හැකියාවත් නැත්නම් බලය අල්ලගත්තත් ඒකෙන් පස්සේ ඔය කරනවයි කියන ඒවා කරන්න නම් පුලුවන් වෙන්නේ නෑ.

පවතින දේශපාලන ක්‍රමය වෙනස් කරන්න නම් දැනට සිටින මර්වින් වගේ දේශපාලන චරිත එක්කත් ගනුදෙනු කරන්න සිද්දවෙනවා කියන ඇත්තට මූණ දෙන්න බැයි නම් ඒ අයට ලංකාවේ දේශපාලනය තුල ස්ථාවර වෙන්න ලැබෙන්නේ නෑ. ඒ සඳහා මර්වින්වගේ එකෙක්ගෙන් හරි වාසියක් වෙනවා නම් ඒ වාසිය ගන්න එක වැදගත්. ගන්න තියෙන වාසි අරන් ජයග්‍රහණයෙන් පස්සේ අවශ්‍ය දේ කරන එක හොඳයි, සුදු කලු තෝර තෝර ඉන්න ගිහින් පැරදිලා ඔක්කෝම හීන උපන්ගෙයි මියැදෙන්න අරිනවට වඩා. මර්වින් විතරක් නෙමේ, ඒවගේම තවත් අය එක්ක කටයුතු කරන්න පුලුවන් ඇති කරන්න බලාපොරොත්තු වෙන වෙනස තුල. නව පාලන ක්‍රමයක් තුළ අල්ලස් හා දූෂණ පිළිබඳ නීති හරිහැටි ක්‍රියාත්මක කිරීම වගේ දෙයකින්ම මර්වින් වගේ ලේසි ප්‍රශ්න විසඳගන්න පුලුවන්, එහෙමත් නැත්නම් දීර්ඝ කාලීනව කොටු කරන්න පුළුවන්.

මර්වින් සිල්වා එකතු වෙන්න කැමති නම් ඔහුව සම්බන්ධ කරගන්න එකේ වාසි අවාසි හරබැර කරලා ඒ තීරණය බුද්ධිමත්ව ගන්න ඕන. මොනව උනත් මර්වින් කියන්නේ ලංකාවේ බුද්ධිමත්(?) ඡන්දදායකින්ගේ ඡන්දයෙන් පත් වෙච්ච එකෙක්නෙ. මර්වින් සම්බන්ධ කරගන්න එකෙන් වාසියක් වෙනවා නම්, මර්වින් ගැන තිබ්බ තරහවත්, මර්වින්ගේ පිස්සු බලු හැසිරීමවත් ඒ වාසිය ලබා ගැනීමට බාධාවක් නොකරගත යුතුයි.

මර්වින් පොදු විපක්ෂය එක්ක එකතු වෙනව නම් සංකේතාත්මක වශයෙන් ඔහුව ප්‍රතික්ෂේප කරන්න මෛත්‍රී ඇතුළු පිරිසට පුලුවන් නම් එය ලාංකික දේශපාලන ක්‍රමය තුළ අතිවිශාල ධනාත්මක සංසිද්ධියක් ඉතිහාසගත කෙරෙන බව ඇත්ත. නමුත් වර්තමාන ලාංකේය දේශපාලන ක්‍රමය තුළ එවන් දවල් හීන දැකීමට තරම් මම වගේ කෙනෙක්ගේ සිත බොළඳ නැති බව කියන්න ඕනේ. (සමහර දවල් හීන සැබෑ නොවෙනවාත් නොවේ)

ප.ලි- මර්වින් සිල්වා පොදු විපක්ෂය සමඟ සැබෑවටම සම්බන්ධ වේද නැද්ද යන එක වෙනම කථාවකි. අදාල කටකතාව අරභයා හටගත් කතිකාවත සම්බන්ධයෙන් කෙටි අදහසක් ඉදිරිපත් කිරීම මෙම සටහනේ අරමුණ කොට ගතිමි.

6 comments:

  1. හොඳ ළිපියක්... සාර්ථක විශ්ලේශණයක්..

    ReplyDelete
  2. එකඟයි. මාත් කියන්නෙ මේකම තමයි. මේ ක්‍රමය යටතේ ගෘහ මූලිකයා සෑහෙන්න වැදගත්. එයා අවුල් වීමේ විපාකය තමයි අපි මේ ගෙවන්නෙ.

    (බ්ලොග් එක දිගටම ලියන්න අපි එන්නං කියවන්න)

    ReplyDelete
    Replies
    1. පිස්සු බල්ලන්ව බැඳල තියන්නේ නැතුව උන්ගෙන් වැඩගන්න හදන ගෘහ මූලිකයෙක් ඉද්දි ගෙදර අනිත් මිනිස්සුන්ට වෙන දේ තමා අපේ රටේ ජනතාවට වෙලා තියෙන්නේ.

      බ්ලොග් එක දිගටම ලියන්න හිතන් ඉන්නේ. රාජ් ගේ බ්ලොග් එක පැත්තෙත් දිගටම එන්නම්. මම මේකට ටිකක් අලුත් :)

      Delete
  3. මෙතන තියන ප්‍රශ්නෙ පිස්සු බල්ලො එක්ක ගනුදෙනු කරන එක නොවෙයි.පිස්සු බල්ලො කරපු වැරදි වලට මේ පැනිලි නිසා මුක්තියක් හිමිවීම.දෑත් ශක්තිමත් කරන්න ආපු ආය වගේම ඊට පස්සෙ ආපු අයත් ආවෙ තමන්ගෙ හොරමැරකම් වහගන්නත් තව තවත් ඒව කරන්නත්.දැන් මේ අය මෙහෙම පැන්නම කරපු වැරදි අහෝසි වෙනවද

    ReplyDelete
    Replies
    1. නීතිය හරි හැටි ක්‍රියාත්මකවන පාලන ක්‍රමයක් ඇතිකරනව නම් කිසිකෙනෙක්ට මුක්තියක් හිමිවෙන්නේ නෑ. කරන හෝ කරපු සියලු නීතිය කඩ කිරීම් වලට. අපේ අසල්වැසි ඉන්දියාවේ කරන්න පුලුවන් දේ ලංකාවෙත් කරන්න බැරිම නැහැ නේද?

      Delete