Tuesday, November 11, 2014

අඳුරු වළාවේ රිදී රේඛාව

හැම අඳුරු වළාවකම සැඟවුනු රිදී රේඛාවක් තියෙනවලු. ඒ කිව්වේ ඕනෙම නරක දෙයක මොකක් හරි හොඳ පැත්තකුත් තියෙනවා කියන එක. ඇත්තටම එහෙමද?

ඇත්තටම එහෙමද? නැත්නම් ඇත්තටම එහෙම නැද්ද?

ඇත්තටම එහෙම වුනත් නැතත් අම්මාගේ කුසෙන් එළියට ඇවිත් ලෝකය දැකපු දවසේ ඉඳන් ජීවිතය එක්ක පොරබදින අපිට, අපි මේ හිරවෙලා ඉන්න අඳුරු වළාකුළු වල රිදී රේඛා දකින්න බැයිද? රිදී රේඛාවක් කවදා හෝ මතුවේවි කියලා බලාපොරොත්තුවක් තියාන ඉන්න බැයිද?

හැම අඳුරු වළාවකම රිදී රේඛාවක් තිබ්බත් නැතත්, ඒ කතාව ඇත්ත වුනත් බොරු වුනත්..

අපි අපේ අඳුරු වළාවල් වල රිදී රේඛා හොයමු..

එන්න මිතුරනි..

"රිදී රේඛාවට - A Silver Line"

අඳුරු වළාකුළු අතරින්.. රිදී රේඛාවන් සොයා යමු..

No comments:

Post a Comment